Wednesday 31 May 2023

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඉතිහාසය.....



    වගකීම් සහගත මාධ්‍ය  වාර්තාකරණයක  අවශ්‍යතාව  මතුව   තිබෙන  විසිඑක්වන සියවසේ එදා මෙදා ජනතාවට වඩාත් සමීප ම මාධ්‍ය වනුයේ,ගුවන් විදුලියයි.මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කරන ලද ප්‍රබල විද්‍යුත් ජන සන්නිවේදන මෙවලමක් ලෙස ගුවන්විදුලිය හැඳින්විය හැකි ය. 

           හඬ ආත්මය කර ගත් පූර්ණ ශ්‍රවණ  මාධ්‍යයක් වන ගුවන් විදුලිය අපේ දිවයිනේ ආරම්භ වුණේ යටත් විජිත අපේක්ෂා පසක් කරලීමට යන්න තහවුරු  වේ.ලාංකීය ගුවන්විදුලිය ආරම්භයට පෙර ලෝක  ගුවන්විදුලිය ආරම්භය  පිළිබඳ ව විමසා බැලීමේ දී ජංගමශීලී සරල මාධ්‍යයක් වන ගුවන්විදුලිය සොයා ගැනීමේ ගෞරවයඉතාලි ජාතික ගුග්ලි යෙල්මෝ මාර්කෝනි හිමි කර ගත්ත ද  ලෝක ගුවන්විදුලි  ඉතිහාසයේ  සුවිශේෂි සන්ධිස්ථාන විමසා බැලීමේ දී සැමුවෙල් මෝස්,මයිකල් ෆැරඩේ,ජේම්ස් ක්ලාක් වැන්නවුන්ට ප්‍රධාන තැනක් හිමි වේ.ජනමාධ්‍ය ඉතිහාසය තුළ ඉතා වැදගත් සන්ධිස්ථානයක්  වන(Radio Act)සම්මත වීමත් සමග චතුර්විධ පාලන ව්‍යුහයක් නිර්මාණය විය.

 කෙසේ නමුදු ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිය ආරම්භ කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වේ.එහි දී ශ්‍රී ලංකාවේ ගුවන් ගුවන්විදුලිය ආරම්භය පිළිබඳ ව සවිඥානික ව  විමසා බැලීමේ දී පෙනී යන්නේ, එය යටත්විජිත අපේක්ෂාවන් ඉටු කිරීමක් වශයෙනි.ක්‍රි.ව.1922 ජුනි මාසයේ 24 වෙනිදා ශ්‍රී ලංකා වයර්ලස්  සංගමය ආරම්භ වීමත් සමඟයි.

 එම වර්ෂයේ දී එනම්,ක්‍රි.ව.1924 ජුනි මස 27 වෙනි දා ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය නිල වශයෙන් ආරම්භ වීම සිදු විය.එමෙන් ම ක්‍රි.ව.1924 දී එම්. එස්.සෙයිස්ටාර් මහතාගේ සහභාගිත්වයෙන් කමිටුවක් මෙකල පත් කරන ලදී.මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ,විදුලි සංදේශ ඉංජිනේරු එඩ්වඩ්  හා ආධුනික ගුවන්විදුලි  සංගමයේ සභාපති එල්.මැකරෙක් මහතා ය.ඔවුන් ක්ෂේත්‍ර හතරක් පිළිබඳ අවධානය යොමු කරන ලදී.එනම්,

  1. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවයක් ආරම්භ කළ යුතු ද ?
  2. එය ආරම්භ කළ යුත්තේ රජය විසින් ද පෞද්ගලික අංශය විසින් ද?
  3. පෞද්ගලිකව නම් බලපත්‍ර නිදහස් කළ යුත්තේ සමාගම් කිහිපයකට ද නැතිනම් එක් සමාගමකට ද?
  4. මේ සඳහා මණ්ඩලයක් පත් කළ යුතු ද එහි සාමාජිකයන් කවරහු ද?

  ලංකා ගුවන්විදුලියේ ආරම්භයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් වැඩසටහන් මෙහෙය වූ අතර කිසිදු වාණිජ අරමුණක් නොවී ය.නමුදු ක්‍රි.ව.1951 දී සිට වෙළඳ සේවය මගින් අනුග්‍රහකත්වය ලබාගෙනවැඩසටහන් නිෂ්පාදනය කරන තුරු මේ තත්ත්වය පැවතිණි.එමෙන්ම ලාංකීය ගුවන් විදුලි ඉතිහාසයේ වර්ධනය විමසා බැලුවහොත් ,

  • කන්දයියා වෛද්‍යනාදන් කොමිසම
  • එන්.ඊ.වීරසූරිය කොමිසම
  • සරච්චන්ද්‍ර කොමිසම
  • හුළුගල්ල කොමිසම
  • වී.සී.ජයසූරිය කොමිසම

ආදිය පෙන්වා දිය හැකි ය.මෙලෙස දිගු ඉතිහාසයකට හිමිකම් කියන ගුවන්විදුලියෙ හි වර්ධනීය අවස්ථා මෙලෙසින් දැක්විය හැකි ය.ක්‍රි.ව.1981 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වේ.ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය නිවේදකයා ලෙස D.M.කොළඹගේ මහතා හැඳින්විය හැකි ය.තවදුරටත් මෙහි වර්ධනීය අවස්ථාවන් ලෙස ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා බිහිවීම හැඳින්විය හැකි ය.රජරට, රුහුණු ,කඳුරට ආදි ප්‍රාදේශීය ගුවන් විදුලි නාලිකා මීට නිදසුන් වේ.එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්න දෙස බැලූ  ප්‍රජා ගුවන්විදුලි  ද මේත් සමගම මතක් කළ යුතු ය.නමුදු 90 දශකය වන විට මහරාජා ආයතනය  සිරස fm නමින් පෞද්ගලික  ගුවන්විදුලි නාලිකාවක් ආරම්භ විය.ඒත් සමග ම රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි නාළිකා අතර තරගයක් ඇති විණි.එය අදත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ක්ෂේත්‍රය තුළ ඔබට මට දැක ගත හැකි සුලබ වූ කරුණකි.

කෙසේ නමුදු ගුවන්විදුලිය වූ කලී සමස්තයක් ගෙන බලන කල මීට වසර ගණනාවකට  පෙර නිපදවන ලද අපගේ පරිකල්පන ශක්තිය ආලෝකමත් කරන්නා වූ  ජන හදවතට අමතන්නා වූ මාධ්‍යයකි.

  ගුවන්විදුලි ශිල්පියෙකු සමඟ ගෙවුණු සැඳෑවක් ගුවන්විදුලි ළමා පිටියෙහි හඬ පරීක්ෂණයක් මඟින් තේරී පත් වී ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම අත්දැකීම...