Saturday 9 September 2023

ගුවන්විදුලි මාධ්‍ය ආචාරධර්ම


             ප්‍රවෘත්ති මාධ්‍යක් වශයෙන් වර්ධනය වූ ගුවන් විදුලිය භූගෝලීය සීමා අතික්‍රමණය කරමින් තොරතුරු වාර්තාකරණයට බැඳී සිටී.ගුවන්විදුලිය විනෝදාත්මක මාධ්‍යයක් වශයෙන් ජන ප්‍රසාදයට පත් වූ වත් ගුවන්විදුලි ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ දී මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් තිබීම වැදගත් වේ. ආචාර්ය මැකෙන්සි විස්තර කොට දක්වන ආකාරයට ආචාර ධර්ම යනු, අපගේ පරම වටිනාකම් ඇසුරින් එකක් පිළිබඳ සාකච්ඡා කිරීමකි.ආචාරධර්ම යන්න ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන" Ethics" ග්‍රීක භාෂාවෙන් බිඳී ආවකි.

යහපත අයහපත හොඳ නරක යුක්තිය අයුක්තිය පිළිබඳ වෙනස අවබෝධ කරගන්නට ආචාර ධර්ම මගින් පදනම නිර්මාණය කෙරේ.එනම් ආචාර ධර්ම යනු, පුද්ගලයා තමා තුළ වර්ධනය කරගත යුතු ගුණධර්ම විශේෂයක්ය.මාධ්‍ය ආචාරධර්ම බිඳ දැමීම දඬුවම් ලැබීමට හේතුවක් නොවේ.ඒ ආචාරධර්ම නීති නොවන නිසාය.කෙසේ නමුත් මාධ්‍ය ආචාරධර්ම බිඳ දමමින් කටයුතු කරන්නා දෝෂදර්ශනයට ලක් වේ.මෙහිදී යහපත් ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු වශයෙන් මාධ්‍ය ආචාර ධර්ම රැකීම තමාගේ වගකීමක් කර ගැනීම තුළින් මාධ්‍ය හිතවාදී බව වර්ධනය කරගත හැකි වේ.මේ අනුව පැහැදිලි වන්නේ, ආචාරධර්ම යහපත් පැවැත්ම පදනම් කරගත් සංකල්ප සමුදායක් බවයි.බෞද්ධ ආගමික බලපෑම් මත ශ්‍රී ලංකා ආචාර ධර්ම වර්ධනය වී තිබේ.එසේම යුරෝපීය ආගමනයෙන් පසුව බටහිර ආගමික වටිනාකම් ද දේශීය ආචාරධර්ම පද්ධතිය වලට අවශෝෂණය කරගෙන තිබේ.ඒ අනුව පොදු ජාතික අර්බුද වල දී සර්ව ආගමික එකමුතු මතවාද ඉදිරිපත් වන්නේ මෙම පොදු ආචාර ආචාරධර්ම පද්ධතිය ප්‍රමාණවත් ලෙස ශක්තිමත් නිසාය.

මෙහි දී මාධ්‍යවේදියාගේ වගකීම වන්නේ, මෙම ආචාර ධර්ම පද්ධති නොනැසී පවත්වාගෙන යාමයි. ප්‍රබල විද්‍යුත් ජන මෙවලමක් වන ගුවන් විදුලි මාධ්‍යයේදී ගුවන්විදුලි ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් සුව කීය ආචාරධර්ම පද්ධති අවබෝධ කරගත යුතුය.ඒ අනුව වගකීම,පුවත්පත් නිදහස,අවංකභාවය, සාධාරණත්වය,අපක්ෂපාතීත්වය යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ සලකා බැලේ.ගුවන්විදුලි ප්‍රවෘත්ති සම්පාදනයේදී මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනය,19වගන්තිය,1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 පරිච්ඡේදය, 1975 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3පරිච්ඡේදය යනාදිය  මෙහිදී ඉතාම වැදගත් වේ.සත්‍ය හා අසත්‍ය ආරංචි අතර පවත්නා පරතරය මෙහිදී මා මාධ්‍යවේදීන් විසින් අවබෝධ කරගත යුතුය. නමුත් ශ්‍රාවකයා ආකර්ෂණය වන පරිදි සිරස්තල යොදා ගැනීම ආචාර් ධර්ම විරෝධී ක්‍රියාවකි.ආසියානු විද්‍යුත් සන්නිවේදනය සංගමය විසින් අනුමත කළ පොදු ආචාර ධර්ම සංග්‍රහය ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය වේදීන්ට සෘජුව අදාල කර ගත හැකි ආචාරධර්ම පද්ධතියකි.ගුවන් විදුලි හා රූපවාහිනී සන්දේශ අරඹයා මේ සම්පාදනය වී ඇත.මීට අමතරව හොංකොංහි පැවති ආසියා-පැසිෆික් ගුවන්විදුලි වෘත්තිකයන්ගේ සමුළුවේ දී පළ කළ කළ ආචාර ආචාරධර්ම සංග්‍රහය ද ශ්‍රී ලංකාවට අදාළ ය.ආගම, ජනවාර්ගික විවිධත්වය, ලිංගිකත්වය,නීතිමය සලකා බැලීම් වන ක්ෂේත්‍ර ඔස්සේ එය සකස් වී ඇත.මාධ්‍යවේදීන්ගේ උනන්දුව මත නිර්මාණය වූ මෙම ආචාර ධර්ම පද්ධති  ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කටයුතු කලයුතු ආකාරය පිළිබඳ මැනවින් මග පෙන්වයි.

  

  ගුවන්විදුලි ශිල්පියෙකු සමඟ ගෙවුණු සැඳෑවක් ගුවන්විදුලි ළමා පිටියෙහි හඬ පරීක්ෂණයක් මඟින් තේරී පත් වී ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම අත්දැකීම...