Wednesday 19 July 2023

ප්‍රජා සංවර්ධනයේදී ප්‍රජා ගුවන්විදුලිය


 වර්තමානයේ ශාස්ත්‍රඥයින්, සමාජ විප්ලව ක්‍රියාකාරිකයින් ,සිවිල් නායකයින්  යනාදීන් යොමුවන සංවර්ධන ක්ෂේත්‍රයක් ලෙස ප්‍රජා සංවර්ධනය පෙන්වා දිය හැකිය.  අනෙක් අතට සමාජ සාධාරණත්වය සහ එකිනෙකාගේ ආත්මගරුත්වය පදනම් කරගෙන ක්‍රියාකාරී මෙන්ම තිරසාර ප්‍රජාවක් ගොඩනංවනු ලබන පුළුල් ක්‍රියාවලිය ප්‍රජා සංවර්ධනය වේ. එහි දී ප්‍රජා ගුවන්විදුලියට ප්‍රධාන තැනක් හිමිවේ. ලොව වෙසෙන වඩාත් දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රජාව කරා ළඟා වන ඔවුන් හා සම්බන්ධ වෙන වන වඩාත් ප්‍රායෝගික අඩු පිරිවැයකින් සාක්ෂාත් කරගත හැකි මාධ්‍යය වන්නේ ප්‍රජා ගුවන්විදුලියයි.

ප්‍රජා සංවර්ධනයේ දී ප්‍රජා ගුවන්විදුලිය යම් සුවිශේෂී කලාපයක ජීවත්වන ජන කණ්ඩායමක් හෝ එකම ජීවන අරමුණු අවශ්‍යතා හා රුචිකත්ව පෙරදැරි කරගත් ජන කණ්ඩායමක් පදනම් කරගෙන ඔවුන්ගේ සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.තමන් ජීවත්වන ජීවත් වන ප්‍රජා කලාපය තුළට  අවශ්‍ය තුළට ප්‍රතිලාභ අරමුණු කරගෙන ප්‍රජා ගුවන්විදුලිය ප්‍රතිලාභ ලබන ප්‍රජාවගේ ම පාලනය ක්‍රියාකාරිත්වය, හිමිකාරිත්වය මෙන්ම ඔවුන්ගේ බලපෑම ඔස්සේ පවත්වාගෙන යයි. කාලොස් ආර්නල්ඩෝ (2001) දක්වන අන්දමට ප්‍රජා ගුවන් විදුලිය යනු, ප්‍රජාවේ සාමාජිකයන් සාමූහිකව හිඳ සන්දේශ සැලසුම් කිරීමටත්, ඒවා නිෂ්පාදනය කිරීමටත් ඉන් අනතුරුව ඒවා විසුරුවා  හැරීමත් කරනු ලබන සමාජය ක්‍රියාවලියකි යන්නයි. ජාතික ජනමාධ්‍ය පෝෂණය කිරීමෙහි ලා ඉවහල් වන ප්‍රජා ගුවන්විදුලියේ ලක්ෂණ ලෙස,

  • පුරවැසියන්ගේ සහභාගිත්වය
  • බහුතරයකගේ රසිකත්වය අනුව ක්‍රියාත්මක වීම
  •  සෑම දෙනාගේම අදහස් හා මත වලට ගරු කිරීම
  • සංස්කෘතික විධිමත්භාවය
  • කාන්තාවන්ගේ කටහඬ ප්‍රසිද්ධිය සඳහා පාවිච්චි නොකිරීම
  • අධිකාරි ආඥාදායකත්වය

පෙන්වා දිය හැකිය.ප්‍රජා සංවර්ධනයේ දී මූල්‍ය හෝ වෙළඳ  දැන්වීම් සඳහා ප්‍රමුඛතාව ප්‍රජා ගුවන් විදුලිය තුළ නොවන අතර සිවිල් සමාජයේ කැමැත්ත මත පවත්වාගෙන යාම මෙහි මූලිකම අවශ්‍යතාවයි. පිලිපීනයේ ලුවීටා බින්ග්ට අනුව,ප්‍රජා ගුවන් විදුලිය ප්‍රධාන ගුවන්විදුලියෙන් පහත කරුණු මත වෙනස් වේ.

ප්‍රචාරක ගුවන්විදුලිය      

  1. Profit= ලාභය
  2. Propaganda=ප්‍රචාරණය
  3. Privilege=වරප්‍රසාද
  4. Politics=දේශපාලනය

ප්‍රජා ගුවන්විදුලිය

  1. People=මිනිසුන්
  2. Participation=සහභාගිත්වය
  3. Power=බලය
  4. Pluralism=බහුවිධ භාවය  

  

ප්‍රජාතන්ත්‍රවාදය,සහභාගීත්වය යන මූලධර්ම මත ක්‍රියාත්මක වන ප්‍රජා ගුවන්විදුලිය සංවර්ධනය, අධ්‍යාපනය, මිනිසුන් බලගැන්වීම යන සාධක කෙරෙහි කැපවී ඇත.

ප්‍රජා ගුවන්විදුලියේ සංවර්ධනය කාර්‍රය පිළිබඳ තවදුරටත් විමසා බැලීමේදී ප්‍රංශය, ආජන්ටිකාව, ඔස්ට්‍රේලියාව යන රටවල සාර්ථකව ප්‍රජා ගුවන්විදුලිය ක්‍රියාත්මක වේ.එමෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල්  වන ආසියාතික රටවල ද ප්‍රජා ගුවන්විදුලිය  සාර්ථකව ක්‍රියාත්මක වේ. මේ අනුව බලන කල,ප්‍රජාව අතරේ පවතින, ප්‍රජාව සඳහා, ප්‍රජාව පිළිබඳ ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවන්විදුලිය සංවර්ධන කාර්යයේ දී ඉතාම වැදගත් ය.


 

Tuesday 18 July 2023

කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය

 


සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ දී සංවර්ධන සන්නිවේදන මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය යොදා ගනී. එහිදී ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යයට ප්‍රධාන තැනක් හිමිවේ. මේ අතර කොත්මලේ ඉහළ කලාප වල පදිංචි ජනපදිකයින් ඉලක්ක කර මහවැලි ප්‍රජා ගුවන්විදුලි සේවාවක් ස්ථාපිත කිරීම සඳහා පරීක්ෂණ විකාශනයක් 1989.02.12 වන දින කොත්මලේ වේල්ල ට ඉහළින් ඉහළින් පිහිටි දෝරගල ගම්මානයේ ආරම්භ කෙරිණි. මේ ප්‍රජා ගුවන්විදුලිය 1989.02.27 දින විවෘත කලේ එවකට ඉඩම් සංවර්ධන හා මහවැලි අමාත්‍ය ව සිටි ගාමිණි අතුකෝරළ මහතා විසින් ය.

       මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ තේ වගාවයි. ඊට අමතරව වී වගාව ,සත්ත්ව පාලනය, ආදිය මේ ප්‍රදේශයේ දැක ගතහැකි දැකගත හැකි වූ අතර කොත්මලේ  කඳුහෙල් වලින් යුක්ත ප්‍රදේශයක් නිසා ගම්මාන පිහිටා ඇත්තේ දුරස්ථව ය.

කොත්මලේ මහවැලි ප්‍රජා ගුවන්විදුලි විකාශනය අයහපත් වාතාවරණයක් මත 1989.06.21 වන දින තාවකාලිකව අත්හිටවූවත් 1990.02.20 දින නැවත ආරම්භ කරන ලදී. මෙහි වැඩසටහන් එෆ්.එම් 96.1 ඔස්සේ ප.ව.5.55 සිට 7.30 දක්වා ප්‍රචාරණය කෙරෙණි.කෙසේ නමුදු ප්‍රජා ගුවන්විදුලි සංකල්පයට පුළුල් අරුතක් ලබා දෙමින්, යහපත් මාධ්‍ය කරණයක් වෙනුවෙන් මෙම ප්‍රජා ගුවන්විදුලි සේවාව ජනමාධ්‍ය පුහුණු පාසලක් බවට පත් කිරීමට සංස්ථාව පියවර ගත්තේය.මෙම මාධ්‍ය ඇකඩමියේ විශේෂත්වය වනුයේ, එහි පුහුණුවන්නන්ට සජීවී පුහුණුව ලැබීමට අවස්ථාව ලබාදීමයි. ඒ අනුව මෙරට පිහිටුවා වඩා වැදගත් ප්‍රජා මාධ්‍යයක් ලෙස කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය ශ්‍රාවක ජන හදවත් තුළ නොමැකෙන නමක් දිනා ඇත.

Thursday 13 July 2023

කොළඹ සිට කතා කළ කොළඹගේ මහතා

 
ඩී.එම් කොළඹගේ මහතා 


 " කොළඹ සිට කතා කරමි.මේ කොළඹ ගුවන්විදුලි සේවයයි."යන්න ඇසූ සැනණින් අපේ මතකයට එන්නේ,කොළඹගේ මහතා ය.මෙරට ශ්‍රාවක හදවත් දිනාගත් සාහිත්‍යයට,කලාවට සංස්කෘතියට සෙනෙහස දැක්වූ පුරෝගාමියෙකු ලෙස ඩී.එම් කොළඹගේ මහතා හැඳින්විය හැකිය.ලේඛකයෙකු කෙටිකතා කරුවෙකු වූ කොළඹගේ මහතා විටෙක වේදිකා හා සිනමා නළුවෙකු ද විය.
              පසුකාලීන ව ලංකා ගුවන් විදුලි සේවයේ,පාසල් වැඩසටහන් නිෂ්පාදකයකු,සන්ධ්‍යා සේවයේ අධ්‍යක්ෂ,සිංහල අංශයේ සංවිධායක ලෙස තනතුරු හෙබ වූ කොළඹගේ මහතා ක්‍රි .ව.1909 මැයි 4 වෙනි දා කොළඹ කිරුළුපන දී ඉපදුණේය.පවුලේ පස්වැනියා වූ ඩී.එම් කොළඹගේ කිරිල්ලපනේ බෞද්ධ මිශ්‍ර පාසලෙන් ද, වැල්ලවත්තේ ශ්‍රී වෛශාක්‍ය විද්‍යාලයෙන්ද,කොළඹ මහා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබාගත් අතර හෙතෙම තම මුල්ම වෘත්තීය වශයෙන් තෝරා ගත්තේ ගුරු වෘත්තියයි.ක්‍රිස්තු වර්ෂ 1937 ජනවාරි පලවෙනි දින සිට මෙරට එකම සිංහල නිවේදකයා බවට පත්විය. බොහෝ පැතිකඩයන් ට සමත්කම් ද දැක්වූ ඩී .එම් කොළඹගේ මහතා ක්‍රිස්තු වර්ෂ 1954 වසරේ මලයා ගුවන්විදුලියේ විශේෂ පුහුණුවක් ලැබූවෙකු වූ අතර කිස්තු වර්ෂ 1962 බී.බී.සී දී බිතාන්‍ය ගුවන්විදුලියේ ද පුහුණුව ලැබුවේ යඑමෙන්ම ඩී .එම් කොළඹගේ මහතා ගුවන් විදුලියේ සන්ධ්‍යා  සේවයේ අධ්‍යක්ෂව සිටි කාලයේ ගුණාත්මක වැඩසටහන් නාට්‍ය ශ්‍රාවකයා වෙනුවෙන් නිෂ්පාදනය කළේය.නිදසුන් ලෙසින්,

  1. ගුවන් ලියුම
  2. ඔබේ ගැටලුව
  3. ඇතුල් පැත්ත 
වැනි වැඩසටහන් ප්‍රමුඛ වේ.එමෙන්ම ඩී එම් කොළඹගේ මහතාගේ ජීවිතේ ජීවිතයේ අවසාන කාලයේ ලියූ ගුවන්විදුලි වංශ කතාව ලේඛන ජීවිතේ වැදගත්ම වංශ කතාවයි.නමුදු ක්‍රිස්තු වර්ෂ 1987 නොවැම්බර් 23 වෙනිදා වැනිදා කොළඹ ගේ නාමය තවදුරටත් ශ්‍රාවක ජනයා අතර තබමින් එතුමා මෙලොවින් සමුගත්තේය.

 

Wednesday 12 July 2023

ලාංකීය ප්‍රජා ගුවන්විදුලි ඉතිහාසය සැකෙවින්

           


 ආසියාවේ ගුවන්විදුලි මාධ්‍ය බිහි කිරීමේ ප්‍රමුඛයා වනුයේ, ශ්‍රී ලංකාවයි එහි දී ජාතික තලයේ ගුවන්විදුලි සේවා, ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා පිළිබඳ අපි නිරන්තරයෙන්ම කතා කරන්නෙනෙමු.මේ සෑම ගුවන්විදුලි සේවාවක් තුලින් ම තුලින් ම ශ්‍රාවකයාගේ තොරතුරු සම්පාදනය උපදේශාත්මක සන්නිවේදනය,විනෝදාස්වාද සම්පාදනය පෙළඹවීම යනාදී අරමුණු ඉටු කෙරෙයි.මෙහි දී ලංකාවේ කැපීපෙනෙන ගුවන් විදුලි ධාරා තුළ නිශ්චිත ප්‍රජා කණ්ඩායමක් ලෙස හඳුනාගත් උප කුලක නැතහොත් වඩා කුඩා ග්‍රහ කණ්ඩායම්වල සුවිශේෂී අනන්‍යතා සපුරාලීමට උපකාරී වීම අරමුණු කරගත් ප්‍රජා ගුවන් විදුලි ව්‍යාපෘති දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාල වකවානුවල දී අපට හමුවේ ඒ අනුව බලන කල ප්‍රජා ගුවන්විදුලි සේවාවලින් ලැබෙන  මෙහෙය ද මිල කළ නොහැකිය.දකුණු ආසියාවේ මුල්ම ප්‍රජා ගුවන් විදුලිය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. නමුත් වර්තමානයේ බොහෝ ප්‍රජා ගුවන් විදුලි නාලිකා ක්‍රියාත්මක නොවීම අවාසනාවකට කරුණකි.මෙහිදී ප්‍රජා ගුවන්විදුලි ලෙසින්,

  • මහවැලි ප්‍රජා ගුවන්විදුලිය
  • ගිරාදුරු කෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය
  • මහ ඉලුක්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය
  • කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය
  •  පුලතිසිරාවය ප්‍රජා ගුවන්විදුලිය
  • ඌව ප්‍රජා ගුවන් විදුලිය
  • දඹාන ප්‍රජා ගුවන්විදුලිය

මේ ප්‍රජා ගුවන් විදුලි නාලිකා ප්‍රජාව සමඟ එක්වෙයි සමඟ එක්වී ප්‍ ප්‍රජාවේ ගැටළු  විසඳා ගනිමින් ප්‍රජාවට යහපත සැලසූ ආදරණීය හිතවතෙක් ලෙස සැලකිය හැකිය.




කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය

             


          



දඹාන ප්‍රජා ගුවන්විදුලිය









Monday 10 July 2023

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා- 4( වයඹ රේඩියෝ )


 හස්තිශෛලපුර සන්නිවේදන සලකුණ වයඹ රේඩියෝව ක්‍රි.ව.2009 පෙබරවාරි 07 වන දින ආරම්භ වූයේ ,කුරුණෑගල මල්කඩුවාව නිශ්ශංක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ය.එවකට ජනමාධ්‍ය අමාත්‍යඅනුර ප්‍රියදර්ශන යාපා මග පෙන්වීමෙන්ගුවන්විදුලි සංස්ථාවේ එවකට සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ නායකත්වයෙන් මෙරට ලාබාලම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය ඇරඹිණි.මෙහි ප්‍රථම අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂවරයා වූයේ ,ගාමිණි විජේවර්ධන මහතා ය.මෙහි ආරම්භක නිවේදක යුවල වශයෙන් එදා වයඹ හඬින් මුලින්ම ශ්‍රාවකයන් ඇමතුවේ, සම්මානනීය නිවේදක ප්‍රසන්න චන්දන  බණ්ඩාර  සමගින් සම්මානනීය නිවේදිකා කුමාරි ගුණරත්න ය.එමෙන්ම එදා සිට අද දක්වාම වයඹ රෙඩියෝ  සටහන් නිෂ්පාදනමවරයා ලෙස කටයුතු කරනුයේ,ජේෂ්ඨ මාධ්‍යවේදී ,සෑම් විමලධර්ම මහතා ය.වයඹ ප්‍රාදේශීය ජනතාවට අනන්‍ය වූ වැඩසටහන් ඉදිරිපත් කළ වයඹ හඩ ගුවන් විදුලිය ක්‍රි.ව.2011 වසරේදී වයඹ රේඩියෝ නමින් නවමු  ගුවන් විදුලි ආකෘතියක් මෙරටට හඳුන්වා දුන්නේ ය.

 ආරම්භයේ දී Fm 99.6 තරංග මාලාව ඔස්සේ ක්‍රියාත්මක වූ වයඹ රේඩියව එම තරංග මාලාවට අමතරව විදුල ළමා ගුවන් විදුලිය සතුවූ යටියන්තොට 102.6 තරංග මාලාව ද වයඹ රේඩියෝවට හිමිවිය .ක්‍රි.ව 2012 වන විට Imrb සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් සවන් දෙන ගුවන් විදුලි නාලිකා 10 අතරට එක්වීමට හැකිවීම වයඹ රෙඩියෝ ලැබුණු භාග්‍යයකි.ඒ මෙරට ඉතිහාසයේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවක් Imrb වාර්තා අතරට ආ පළමු හා අවසන් අවස්ථාවයි.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් යටියන්තොට 90.1 ස්වාධීන තරංග මාලාව ද හිමිවිය. නමුත් ක්‍රි .ව.2013 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මුහුණ දෙමින් සිටී සිටි දැඩි මූල්‍ය අර්බුදය මත ප්‍රාදේශීය සේවාවන්වල විකාශන කාලය කප්පාදු කළ අතර වයඹ රේඩියෝ ද උදෑසන පැය දෙකහමාරටත් සවස පැය දෙක හමාරටත් සීමාවිය මෙලෙසින් වයඹ රේඩියෝව නිශ්ශංක මාවතේ ගොඩනැගිල්ලක තවදුරටත් තබා ගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වෙද්දී අවසන  වයඹ රේඩියෝව ටොරින්ටන් පරපරිශ්‍රයේ මැදිරියකට ගෙන යාමට තීරණය විය.

නමුත් එවකට පාලකවරිය වූ කුමාරි ගුණරත්න මෙනවියගේ දැඩි උත්සාහය මත එළවිටගම සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අමිල  පරිත්‍යාගයෙන්  වයඹ  රේඩියෝවට අස්වැද්දුම අභිනවාරාම විහාරස්ථානට අදාළ ගොඩනැගිල්ලක් හිමි විය.

එමෙන්ම වර්තමානය වන විට වයඹ  රේඩියෝව SLBC mobile app එකෙන් ද Radio Garden ඔස්සේ ද ශ්‍රවණය කළ හැකිය. එදා මෙදා තුර වයඹ රෙඩියෝ වෙතින් විකාශය වු වූ සහ විකාශනය වන වැඩසටහන් කිහිපයක් ලෙසින්,

  • සුභ උදෑසනක්
  • සිහිලැල් මියුරස
  • ඉලන්දාරි හැන්දෑව                        
  • හිත නැවතුන තැන
  • හේලංකඩ
  • වැව රවුම
  • ළමා උයන
  • සිප් මංසල 
  • ටෙක්නිකල් වර්ල්ඩ්
  • පිහාටු
  • ස්වර්ණ ග්‍රන්ථ
  • සළෙරු ගී                                  
  • ආරෝග්‍යා



වයඹ  රේඩියෝ ස්වර්ණ ග්‍රන්ථ වැඩසටහන 

පෙන්වා දිය හැකිය.ඉතාම දුෂ්කර ගමනකින් ඇරඹි වයඹ රේඩියෝ ව මැයි 31 වැනි දින නිහඩ වීමට කටයුතු යෙදී තිබුණද මේ වන විට එය රැක ගනිමින් මෙරට ජනතාව අතර වයඹ රෙඩියෝව ජනතාව අතරට ගෙන ඒමට කටයුතු කරනුයේ වර්තමාන පාලක ධූරය හොබවන්නේ කුමාරි ගුණරත්න මෙනවියයි.

වයඹ රේඩියෝඩියෝ ටෙක්නිකල් වර්ල්ඩ් වැඩසටහන

    වයඹ රේඩියෝ  ළමා උයන වැඩසටහන


     වයඹ රේඩියෝ හිත නැවතුන තැන වැඩසටහන 
                                                                                                                                                             




                                                                                                      



Saturday 1 July 2023

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා-3( කඳුරට සේවය)


  ලංකාවේ තෙවෙනි ප්‍රාදේශීය ගුවන්විදුලිය වන කඳුරට සේවය මධ්‍යම,ඌව, සබරගමුව, සහ වයඹ පළාත් ආවරණය වන පරිදි fm 90.1, 107.3, 107.5 තරංග මාලා ඔස්සේ මෙන් ම SLBC  Mobile App සහ Radio Garden ජංගම දුරකතනය ඔස්සේ ලොව පුරා සිටින සියලු ජනතාවට ශ්‍රවණය කළ හැකි පරිදි වැඩසටහන් විකාශනය කරයි.මෙය කන්ද උඩරට පිහිටි එකම විද්‍යුත් නාලිකාවයි. ක්‍රි.ව.1983 අප්‍රේල් මස 13 වැනි දින මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි පරිශ්‍රය තුළ කඳුරට සේවය ස්ථාපනය විය. එකල ගුවන් විදුලි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ කාල සීමාව තුළ දී මෙම  මහනුවර සේවය ආරම්භ කරන ලදී.ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ‍ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මෙහි නියෝජ්‍ය ඇමති  චන්ද්‍රා  කරුණාරත්න ,කතානායක ඊ. එල්. සේනානායක,  මහනුවර දිසාපති දමුණුපොළ , මහනුවර දිස්ත්‍රික් සංවර්ධන මන්ත්‍රී අන්නමලේ වැනි ප්‍රභූවරුන් ද මහනුවර සේවය විවෘත ක කිරීමේ උත්සවයට සම්බන්ධ විය.

 ක්‍රි .ව.1983 අප්‍රේල් 13 වැනි දා සිංහල අලුත් අවුරුදු උදාවේ පුණ්‍ය කාලයේ දී පස්වරු 04:32 ට යෙදුණු සුබ නැකතින් සෙංකඩගලින් මධ්‍යම තරංග  සහ අඹේවලින්  තරංග 531 ඔස්සෙ එවකට සිංහල සේවා අධ්‍යක්ෂ ව සිටි චිත්‍රානන්ද අබේසේකර මහතාගේ හඬින්  මුල්ම නිවේදනය නිකුත් කළේය. කඳුරට  සේවය ආරම්භයේ දී භාෂා තුනෙන් ම  වැඩසටහන් ඉදිරිපත් වූ අතර පස්වරු 6 සිට 7 දක්වා මුල්ම ඉංග්‍රීසි වැඩසටහන් ඉදිරිපත් කළේ හිල්ටන් පෙරේරා මහතා ය.ආරම්භක කාලයේ දී දෙමළ වැඩ වැඩසටහන් දක්ෂ නිවේදකයකු වූ කමලනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 ‍ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගත්  කන්ද උඩරට ආගමික හා සංස්කෘතික පසුබිම පිළිබඳ ගවේෂණාත්මක දැනුම් සම්භාරයක් ශ්‍රාවකයා වෙත පිරිනැමීම මූලික අරමුණ කරගනිමින් එළවළු හා කුළුබඩු ගොවීන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය, මධ්‍යම කඳුකරයේ සිටින කලාකරුවන්ට තම නිර්මාණ එළිදක්වන්නට මහනුවර සේවය කදිම තෝතැන්නක් විය.

 ‍ප්‍රාදේශීය අවශ්‍යතාව  ඉස්මතු කරමින් විකාශනය වූ ආරම්භක වැඩසටහන් අතර වාහල්කඩ, කවිකාර මඩුව,  උඩවැඩියා මල් ,යොවුන්  සැදැල්ල, ඉතාම ජනප්‍රිය වේ. හිල්ටන් පෙරේරා, සුමනා ජයතිලක ,කුමාර රත්නායක, සිසිල් ජිනදාස ,සමන් ජයරත්න යනාදින් ආරම්භයේ සිට මහනුවර සේවයේ සේවය කළ පාලකවරුන් අතරින් කිහිපදෙනෙකි.ජනප්‍රියට පත් නිවේදකයන් ලෙස,

  • එස්.ලියනගේ.
  • සිසිල් ජිනදාස
  •  සුගත් වීරසිංහ 
  •  කපිල .එම්. ගමගේ
  •  නන්දා  රඹුක්වැල්ල
  •  මල්ලිකා හේම කුමාරි පෙරේරා


සඳහන් කළ හැකිය. සිංහල දෙමළ භාෂා දෙකෙන්ම ආමන්ත්‍රණය කරන එකම ප්‍රාදේශීය නාලිකාව වන කඳුරට සේවය දිනපතා පෙරවරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අඛණ්ඩ ව සජීවී විකාශනයක් ක්‍රියාත්මක කෙරේ. එමෙන් ම  කඳුකරේ අලුත් තොරතුරු ගෙන එන "කඳුරට පුවත්"," මුතු පවුර "ඇතුළු නිර්මාණශීලී වැඩසටහන් රාශියක් මෙම සේවය  මගින් ගෙන එන අතර "SLBC මාධ්‍ය ඇකඩමිය"නමින් කොත්මලේ පුහුණු ආයතනයක් ද පවත්වාගෙන යයි.
 කදුරට සේවය ඉදිරි කටයුතු උදෙසා  ශ්‍රී දළදා මාලිගාව ,පේරාදෙණිය විශ්වවිද්‍යාලය , ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ,ශ්‍රී ලංකා මහ බැංකුව ආදි ආයතන සහයෝගයක් ලබා දෙන අතර වැඩිම ආවරණ කලාපයක් හිමි එකම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාව වනුයේ ද කඳුරට සේවයයි.



වැඩිදුර තොරතුරු සඳහා=https://www.facebook.com/profile.php?id=100063454428381&mibextid=ZbWKwL





  ගුවන්විදුලි ශිල්පියෙකු සමඟ ගෙවුණු සැඳෑවක් ගුවන්විදුලි ළමා පිටියෙහි හඬ පරීක්ෂණයක් මඟින් තේරී පත් වී ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම අත්දැකීම...