Sunday, 29 September 2024

 

ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතා සමඟ සිදු සංවාදයක් ඇසුරින් සකස් කළ ලිපියකි.


 ශ්‍රී ලංකාගුවන්විදුලියේ ආරම්භය ගැන ටිකක් කතා කරමු ?

ලංකා ගුවන්විදුලිය නිල වශයෙන් ආරම්භ වෙන්නේ 1924 ජුනි මාසයේ 27 වැනිදා. එවකට ලංකාවේ සිටි විලියම් මැනිං  ආණ්ඩුකාරතුමා ලංකා ඉංජිනේරු සංගමය අමතා කළ කතාව ප්‍රථම නිල ගුවන්විදුලි ප්‍රචාරක කාර්යය ලෙස එදින සවස 2.30  පමණ ප්‍රචාරය කර තිබෙනවා. 1924 මැයි මාසයේදීත්  අත්හදා බැලීම් විකාශන කටයුතු කිහිපයකුත් කරල තියෙනවා. 1925 වසරේ තැපැල්පතිවරයාගේ පාලන වාර්තාවේ පස්වන පිටුවේ මේ බව සඳහන් වෙනවා. වගේම ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධයක්ෂවරයෙකු වූ K.D.විමලරත්න මහතාගේ Date  And Events පොතෙත් ලංකා ගුවන්විදුලිය මෙදින ආරම්භ වූ බව සඳහන් වෙනවා. ආචාර්ය නන්දන කරුණානායක මහතාගේ ”‍හැටහය වසරක ගුවන්විදුලිය”‍ යන කෘතියෙන්  තැපැල්පතිගේ පාලන වාර්තාව උපුටා දක්වමින් මේ නිල වශයෙන් ආරම්භ වුණ බව සඳහන් වෙනවා. තම දර්ශන ශූරී උපාධිය සඳහා පර්යේෂණයක නිරත වන සේන නානායක්කාර මහතාගේ ”‍ගුවන්විදුලි සංවර්ධනය”‍ යන පොතේ නියත ලෙසම ගුවන්විදුලිය ආරම්භ වූයේ මේ දිනයේ බව සඳහන් කරනවා.  

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ භූමිකාව තවදුරටත් පැහැදිලි කරමු?

ගුවන්විදුලියේ භූමිකාව යම් ආකාරයකට සකස්වීම, සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ වෙන ගුවන්විදුලිය 1949 ඔක්තෝබර් මාසයේ පළමු වෙනිදා ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත්වෙනවා. ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත්වීමට වැදගත් වූ ඓතිහාසික කොමිෂන් සභා වාර්තාවක් තියෙනවා. වෛද්‍යනාදන් කොමිසම් සභාව ලංකා ගුවන්විදුලිය තැපැල් දෙපාර්තමේන්තුවෙන් විතැන් වූ ස්වාධීන දෙපාර්තමේන්තුවක් විය යුතු බවට යෝජනාව ඉදිරිපත් කළා. අනුව ගුවන්විදුලියේ වැඩසටහන්, සන්නිවේදන කාර්යය, සිදු විය යුතු ආකාරය කොමිසම් සභා වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ජනතාවගේ තොරතුරු දැනගැනීමට තොරතුරු පනතක් 2015 දී සම්මත වුණා. ඊට  පෙර ගුවන්විදුලිය ජනතාවගේ තොරතුරු අයිතිය තහවුරු කරන නිල සන්නිවේදන ආයතනය වුණා. මේ කොමිසම් සභා වාර්තාව පරිශීලනය කිරීමෙන්  රටේ එදිනෙදා  තොරතුරු, කෘෂිකාර්මික, කාලගුණික, දුම්රිය ගමන් වාර තොරතුරු ආදි ජනතාවගේ දෛනික ජීවිත කටයුතුවලට වැදගත් තොරතුරු බොහොමයක් ගුවන්විදුලියෙන් සන්නිවේදනය කළ බව දැන ගත හැකියි.

  කාලයේ ගුවන්විදුලි නාට්‍ය ශ්‍රාවක හද බැඳ ගත්තා පසුබිම සැකසුණේ කොහොම ?

ලංකා ගුවන්විදුලියේ 53 වගේ කාලය වනවිට ජනප්‍රිය වැඩසටහන් ආකෘතියක් වී තිබුණේ   නාට්‍ය වැඩසටහන්. නාට්‍ය ආකෘතීන් තව දුරටත් සුපෝෂණය වීම ගැන එන්. . වීරසූරිය කොමිසම, ආයතනයේ අධ්යක්ෂවරයාගේ සිට නාට්‍ය අංශයේ වැඩසටහන් කාර්යය මණ්ඩලයෙන් සාක්ෂි විභාග කිරීමෙන් ලබා ගත් තොරතුරුවලදී හෙළි වූයේ ලංකා ගුවන්විදුලිය ප්‍රචාරය කරන වඩාත් කැමැත්තක් දක්වන වැඩසටහන නාට්‍ය බවයි. ජනතාවගෙන් පිටපත් ගෙන්වා ගැනීමට, පිටපත් ආශ්‍රයෙන් කතාවක් සකස් කිරීමට, කතාව ජනතාවට වැදගත්වන ආකාරයට ඉදිරිපත් කිරීමට වෙනම නාට්‍ය  අංශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව යෝජනාව වීරසූරිය කොමිසම් සභාවේ දක්වා තිබෙනවා. වීරසූරිය කොමිසම් සභා වාර්තාවේ ගුවන්විදුලි දෙපාර්තමේන්තුව කියන්නේ රටේ අනෙකුත් දෙපාර්තමේන්තුවලින් වෙනස් ආයතනයක් බව සඳහන්. මේ ආයතනයේ කටයුතු සාමාන්‍ය, පරිපාලන, මූල්‍ය  රෙගුලාසීන්ට යටත්ව ක්‍රියාත්මක කළ නොහැකියි. ඉතා ඉක්මනින්, තීරණ ගැනීම අවශ්‍යය නිසා රටේ ක්‍රියාත්මක වන සාමාන්‍ය  පරිපාලන යුහයෙන් බැහැර කඩිනමින් තීන්දු තීරණ ගත හැකි ආකාරයේ ව්‍යුහයකට ගුවන්විදුලිය සකස් විය යුතුයි යන යෝජනාව 1953 පමණ ඈත කාලයක කොමිසම් සභා වාර්තාවේ සඳහන් වී තිබෙනවා.  අවාසනාවකට ලංකා ගුවන්විදුලියේ පත් කළ කොමිසම්වලින් ආණ්ඩුවල අවධානයකට ලක් නොවුණු එකම කොමිෂන් සභා වාර්තාව වීරසූරිය කොමිසමයි.

   1966 දී ලංකා ගුවන්විදුලියේ ව්‍යුහමය වෙනසක් අරමුණු කරගෙන ඊළඟට පත් වූ හුළුගල්ල කොමිසම සිය වාර්තාව ඉදිරිපත් කිරීමේදී මුලින්ම සඳහන් කරන දෙය වන්නේ 1953 ලංකා ගුවන්විදුලියේ සිදුවිය යුතු  ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉදිරිපත් කළ වීරසූරිය කොමිසමේ වාර්තා නොසලකා හැරීම බරපතළ වරදක් බවයි. හුළුගල්ල කොමිසමෙන් දෙපාර්තමේන්තුවක් වූ  ගුවන්විදුලිය  සංස්ථාවක් බවට පත්කිරීම සඳහා වූ යෝජනා වී 1967 ජනවාරි මාසයේ  පස්වෙනිදා 1966 අංක 37 දරණ පනත මගින් ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත්වෙනවා. ගුවන්විදුලියේ ප්‍රථම සභාපති අධ්යක්ෂ ජනරාල් වන්නේ, කීර්තිමත් සිවිල් නිලධාරියෙකු වූ නෙවිල්.ඩී ජයවීර මහතා. සංස්ථාවක් වීමෙන් පසු පැවති බාධාකාරී තත්ත්වයන්ගෙන් ඉවත් වී කඩිනම් ක්ෂණික තීන්දු තීරණ ගෙන ජනතාවගේ සන්නිවේදන අභිමතාර්ථ ඉෂ්ට කිරීමට  යම් ආකාරයක නෛතික වපසරියක් ලැබුණා. සභාපතිවරයා ප්‍රමු සංස්ථා මණ්ඩලයක් විසින් සංස්ථාවේ පාලන කටයුතු කරනවා. 1966 හුළුගල්ල කොමිසම තම වාර්තාවට ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආකෘතිය කෙසේ විය යුතුද යනුවෙන් තව ලේඛනයක් සම්බන්ධ  කරනවා. පිළිබඳව. ඔවුන් පූර්වාදර්ශයට ගන්නේ  එවකට ලෝකයේ සාර්ථකම ගුවන්විදුලි ආයතනයක් වූ නවසීලන්ත ගුවන්විදුලි සංස්ථාවේ ව්යුහය. සංස්ථාවක් වූ ගුවන්විදුලියේ මූලික කාර්යයභාරයක්  වූයේ ජනතාවගේ සන්නිවේදන අවශ්යතාවන් සැපයීම. තොරතුරු සන්නිවේදනය කිරීමේ දී ආනන්දයත ප්‍රඥාවත් කියන සංකල්ප මත පිහිටා ගුවන්විදුලියේ සියලුවැඩසටහන් ආකෘති සකස් වී තිබෙනවා.  ගුවන්විදුලිය සංස්ථාවක් බවට පතවී මේ වනවිට අවුරුදු පනස් හතක් පමණ වෙනවා. 

වගේම ගුවන්විදුලියේ භෞතික ස්වරූපය  වෙනස් වෙලා තියෙනවා. තවමත් ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත්කිරීමේදී සැකසූ නීතිමය අණපනත් රටවලට යටත් වූ රාමුගත සංස්ථාවක් විදිහට පවතිනවාඅවුරුදු සියයක මෙහෙවරේදී අපි සංස්කෘතික මිනිසා හැදුවත්, සඳහා වූ සන්නිවේදන මෙහෙවර ක්රියාත්මක කිරීමේදී ඇති වූ වෙනස්කම්වලට  අපේ ගැළපීම් සිදු වී නැහැ යන්න මගේ ස්වයං විවේචනාත්ම අදහසයි. නිසා වර්තමානයේදී නූතන ගුවන්විදුලි ග්‍රාහකයාගේ සන්නිවේදන අභිලාෂය තේරුම් ගත් සුහුරු රේඩියෝ ආකෘතියක් සකස් කරගන්න අවශ්‍යයි.

 වෙබ් රේඩියෝ සංකල්පය ගුවන්විදුලි මාධ්‍යයෙයේ ජීවගුණයට කෙතරම් දුරට බලපෑමක් කරනවද?

ගුවන්විදුලියට එයින් බලපෑමක් ඇති නොවන බව මගේ අදහස. උදාහරණයක් විදිහට ගත්තොත් රැහැන් රහිතව මේක එන්නේ. මේ රේඩියෝ කියන වචනේ පාවිච්චි වෙන්නේ දැන්. මුලදී මෙයට කීවේ වෑර්ලස් එක කියලා. වෑර්ලස් එක අපි ඇහුවේ රැහැන් රහිතව ශබ්ද, විද්‍යුත් තරංග ආශ්‍රයෙන්. මුල් කාලයේ තිබුණේ කෙටි තරංග, මධ්යම තරංග. 1989 නොවැම්බර් මස තුන් වෙනිදා  ලංකාවේ පළමුවෙනි Fm රේඩියෝ වන City Fm ඇරඹෙනවා. එය ආරම්භ කිරීමට පුරෝගාමී වන්නේ එදා  ගුවන්විදුලියේ සභාපති වූ හඩ්සන් සමරසිංහ මහතායි. එහි පළවෙනි අධ්‍යක්ෂකවරයා කීර්තිමත් ගුවන්විදුලි සන්නිවේදක පාලිත පෙරේරා මහතායි. පළමු වැඩසටහන් කළමනාකරු ගුවන්විදුලියේ හිටපු අපූරු නිර්මාණාත්මක සන්නිවේදකයකු  වන  K.D.K.A. ධර්මවර්ධන මහතායි. මෙහි ඉංජිනේරුමය මෙහෙවර කළේ ගුවන්විදුලියේ හිටපු ප්‍රධාන ඉංජිනේරු ලයනල් බින්දු මහතායි. මේ අයගේ සුසංයෝගයේ ප්‍රතිඵල විදිහට තමයි  ලංකාවේ පළවෙනි Fm නාලිකාව ආරම්භ වෙන්නේ. අනූ හතරෙන් පසු ලංකාවේ පුද්ගලිකFm නාළිකා පටන් ගන්නවා

Fmනාලිකා සංකල්පය ඇවිත් අවුරුදු තිහකට වැඩියි. දැන් ඊළඟ අදියරට ගිහිල්ලා තියෙනවා.   වෙබ් රේඩියෝ. වෙබ් රේඩියෝවත් ලෝකයේ යල්පැන යමින් දැන් ෆෝඩ්කාස්ටින්වලට  ඇවිත්. මෙහි තාක්ෂණය වෙනස් වුවද ගුවන්විදුලිය යන සංකල්පයේ වෙනසක් වෙලා නැහැ. වෙබ් රේඩියෝ එකක් බවට පත්වීමෙන් මෙය ශ්‍රාවකයාට සමීප වෙනවා. එය ෆෝඩ්කාස්ටින් බවට පත්වීමෙන්   ශ්‍රාවකයාට තවත් සමීප වෙනවා. එය සන්නිවේදනය තුළ සිදුවන තාක්ෂණික වෙනස්කමක් විනා ගුවන්විදුලියේ තියෙන සංකල්පීය අර්ථයට හානියක් වෙන දෙයක් නෙවේ. 

එදා ශ්‍රාවක ප්‍රජාව සහ අද ශ්‍රාවක ප්‍රජාව අතර වෙනස මොනවගේ ?

ගුවන්විදුලි ශ්‍රාවකයාගේ පමණක් නොවෙයි සමස්ත ජන ජීවිතයේම හැසිරීම් රටාවේ සිදු වී ඇති වෙනස අමුතුවෙන් කිව යුතු නැහැ. ගුවන්විදුලිය අහන්නෙත් ඔවුන්මයි. කෙනෙක් මැරුණහම පිළිබඳ සංවේදිකමක් නැතිව ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක ගුවන්විදුලිය සන්නිවේදන කාර්ය භාරයේ ශ්‍රාවකයාගේ රුචි අරුචිකම් විවිධයි, විෂමයි. උදාහරණයක් ලෙසද ගුවන්විදුලිය ශ්‍රාවක අවශ්‍යතාවන්, කණ්ඩායම් තුනකට වර්ගීකරණය කරගෙන තියෙනවා. එක සිංහල ස්වදේශීය සේවය, දෙමළ ස්වදේශීය වගේ නාළිකා ගත්තොත් ඒවා ජාතික නාළිකාවන්. ජාතික නාළිකාවලදී අපි උත්සාහ කරන්නේ, දැනුමත් උසස්  රසවින්දනයත් අපේක්ෂා කළ ශ්‍රාවකයාට අවශ්‍ය වැඩසටහන් සමීප කිරීම. City Fm, පෙන්ඩල් සේවය,  මගින් රටේ තරුණ ප්රජාවගේ වින්දනාත්මක  අවකාශයට අවශ් තොරතුරු සන්නිවේදනය කරනවා. එමෙන්ම උසස් රසවින්දනයත්, නව දැනුමත්, තරුණ ප්‍රජාවත් කියන අතරමැද  කණ්ඩායම් වෙනුවෙන් අපි වෙළෙඳ සේවය වගේ නාළිකාවකින් අවශ්‍යය තොරතුරු සන්නිවේදනය කරන්නේ. මේ වර්ගීකරණයන් තුනට යටත්ව වුණත් අපේ රටේ ගුවන්විදුලි ශ්‍රාවකයාගේ අවශ්‍යතා හරිම සංකීර්ණයි. සංකීර්ණ අවශ්‍යතාවට ගැළපෙන පරිදි සන්නිවේදන මෙහෙවර සකස් කර ගැනීම පිළිබඳව ලොකු අභියෝගයක් අපිට තියෙනවා.

 සටහන-  ඉෂාරා විජේරත්න

                                                       

 

  ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා   අධ්‍යක්ෂ, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ   ඉන්දික ජයරත්න මහතා සමඟ සිදු සංවාදයක් ඇසුරින් සකස් කළ ලිපියකි...