Thursday, 29 June 2023

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා -2 ( රුහුණු සේවය)


 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංස්ථාවේ කාර්යභාරය සපථ කරලීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමින් දෙවනුව ආරම්භ වූගුවන් විදුලි නාලිකාව වූයේ,මාතර රුහුණු සේවය යි.ක්‍රි .ව.  1980 පෙබරවාරි 3 වෙනිදා පස්වරු 3.30ට  සෙත් පිරිත් සජ්ජායනය මැද්දේ එවකට අධ්‍යක්ෂ ජනරාල් තේවිස් ගුරුගේ මහතා රුහුණු  සේවයේ ආරම්භක  නිවේදනය කළේය.

 වර්තමානයේ ගාල්ල , මාතර ,හම්බන්තොට, මොනරාගල, බදුල්ල ,අම්පාර ,රත්නපුර  යන දිස්ත්‍රික්වල බොහෝ ප්‍රමාණයක් රුහුණු සේවයේ ශ්‍රවණ කලාපයට ඇතුළත් වේ. එලෙසින් ම රුහුණු සේවය හෙවත් රුහුණේ  අභිමානය දෙනියායෙන් මෙගාහර්ට්ස් 107.3 හපුතලෙන් මෙගාහර්ට්ස් 107.5 ඔස්සේ ශ්‍රාවක සමූහයා සමග ගණුදෙනු කරනුයේ, ශ්‍රාවකයා තුළ සම්භාවනාවට පාත්‍ර වෙමිනි.

  තව දුරටත් රුහුණු සේවය පිළිබඳ සලකා බැලීමේදී ක්‍රිස්තු වර්ෂ 1987 රටේ  පැවැති කලබලකාරී තත්වය රුහුණු සේවයට බලපෑවේය. කලහාකාරී පිරිස් ක්‍රිස්තු වර්ෂ 1987 ජූලි 29 වැනි දින රුහුණු සේවයට කඩාවැදී ගිනි තබා මහත් විනාශයක් සිදු කරන ලදී.

නමුත් කිස්තු වර්ෂ  1993 දෙසැම්බර් 12 වැනි දින නව මැදිරි සංකීර්ණය විවෘත කරමින් රුහුණු සේවා විකාශනය කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදී. පොකුණු සේවයේ පළමු අධ්‍යක්ෂවරයා වූයේ ශ්‍රීපාලි වයමන් මහතා ය. එමෙන්ම  හිල්ටන් පෙරේරා, කොල්වින් ජයවීර මහතා වැනි කිහිප දෙනෙක් රුහුණු සේවය ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන ලදී. එමෙන් ම  ප්‍රාදේශීය අනන්‍යතාවය සුරකමින් සිහින සිත්තම, සදමිණි විල ,රුහුණු ගුරු ගෙදර වැනි වැඩසටහන් විකාශනය වේ.


 යහපත් ගුණාත්මක ඉහළ රස්වින වින්දනයකින් යත් මාධ්‍ය මෙහෙවරක නියැළීම මාධ්‍ය මෙහෙවර කර ගත් රුහුණු සේවය මැයි 31 වෙනි දින අවසන් කිරීමට නියමිත වුවද රුහුණේ ප්‍රෞඩ වූ සංස්කෘතිකාංග  රැකගනිමින්  ගුණාත්මක  මාධ්‍ය මෙහෙවරක නියැලෙමින් සිටී.


 තවදුරටත් තොරතුරු විමසා බැලීමට=https://www.facebook.com/RuhunuSewaya?mibextid=ZbWKwL

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා-1 (රජරට සේවය)

 


     මෙරට ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා අතරින් ජනහද හඳුනාගත් පළමු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාව මෙන් ම  කීර්තිමත් කලාකරුවන් සහ ව්ද්වතුන් රාශියක් බිහි කළ ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍ර වූ සන්නිවේදන ආයතනයක් ලෙස රජරට  සේවය පෙන්වා දිය හැකිය ක්‍රි .ව.  1979 අප්‍රේල් මස 12 වැනි දින පෙ.ව.9:30 ට යෙදුණු සුබ මොහොතින් රජරට සේවය ආරම්භ විය.අනුරාධපුර ගුවන් තොටුපොළ  ආසන්නයේ කුඩා මැදිරියක ආරම්භ කළ රජරට සේවයේ  ප්‍රථම අධ්‍යක්ෂවරයා වූයේ, කොළඹ ප්‍රධාන කාර්ය කාර්යාලයේ ‍ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදකයකු වූ සිරිල් රාජපක්ෂ මහතා ය. මෙහි දී රජරට සේවය ආරම්භ කිරීම උදෙසා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ඒමන් කාරියකරවන සහ අධ්‍යක්ෂ ජනරාල් තේවිස් ගුරුගේ යන මහත්වරු සහභාගී වූහ.

 ගුවන්  කාලය ආරම්භයේ දී සතියේ දිනවල පෙ.ව. 5 සිට 8 දක්වාත් ප.ව.4:30 සිට 10.15 දක්වා විය. සෙනසුරාදා සහ  ඉරිදා පෙ.ව.5 සිට දහවල් 1 වනතුරු සහ ප.ව.4.30 සිට රාත්‍රී 10.15 දක්වාත් වැඩසටහන් විසුරුවා ඇත. රජරට ගුවන් විදුලිවිදුලි සේවය ආරම්භ වන විට ප්‍රාදේශීය සේවාවක අත්දැකීම ලැබූ කිසිවෙකු නොසිටි බැවින් සේවාව ආරම්භ කළ පසු එහි අත්දැකීම් මත පදනම් වෙමින් උචිත වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වගකීම එහි සාමාජිකයන්ට පැවැරිණි.මෙහි දී වැඩසටහන් අංශයේ සිටි අය වශයෙන්,

  •  විජයානන්ද ජයවීර
  • ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
  • ප්‍රේමකීර්ති ද අල්විස්
  •  සේන ගුණසේකර 
  • සුනිල්  විජේසිංහ
  • හරිස්චන්ද්‍ර පෙරේරා 
  •  කුමුදු සෙනෙවිරත්න

 වැනි අය පෙන්වා දිය හැකියි. එමෙන්ම නිව්ටන් ගුණසේකර ,කුලසේන ෆොන්සේකා,ඇන්තනි  ජයමාන්න වැනි අය ප්‍රවෘත්ති අංශයෙන් දායක වී ඇත.අනුරාධපුර සිට  විකාශනය කළ  රජරට  සේවය කිලෝ හර්ට්ස් 801  මධ්‍යම තරංග ඔස්සේ මහව සිට  විකාශනය විය. එතැන් සිට රජරට සේවයේ ශ්‍රවණ කලාපය  සත්කෝරළය දක්වා ම පුළුල් විය.පසුව එනම් ක්‍රි.ව. 1987 ජනවාරි 24 වෙනි දින රජරට සේවය සඳහා නව මැදිරියක් ලැබුණු අතර එතැන් සිට කිලෝ හර්ට්ස්  639 ඔස්සේ තව දුරටත් විකාශනය පුළුල් විය. පසුව  1997 කරගහතැන්න සම්ප්‍රේෂණ ඔස්සේ fm 102.4MHz තරංග මාලාව ඔස්සේ රජරට සේවය පැහැදිලිව රජරට, වයඹ ,ඌව ,මධ්‍යම ,නැගෙනහිර ආදි ප්‍රදේශ රැසකට ව්‍යාප්ත විය.

 රජරට සේවය හෙවත් නුවර  කලාවියේ සරසවිය නිරන්තරයෙන් ම රජරට ශ්‍රාවකයාගේ අනන්‍යතාව ආරක්ෂා  කරගනිමින් වැඩසටහන් නිෂ්පාදනය කළ ගුවන්විදුලි සේවයකි. රජරට සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර හා කෘෂිකාර්මික අර්ථ ක්‍රමය මෙන් ම භාෂාව පිළිබඳ අවධානය යොමු කරමින් ජන විඥානය හඳුනාගත් වැඩසටහන් ජනතාවට ලබාදීමට රජරට සේවය ආරම්භක සාමාජිකයෝ යොමු වූහ.ක්‍රි.ව.2012 ගුවන්විදුලි සංඛ්‍යාත ‍ ප්‍රතිව්‍යූහගතකරණය 107.3 MHz තරංග මාලාවට රජරට ගුවන් විදුලිය මාරුවිය.එසේම 90.1MHz ඔස්සේ අනුරාධපුර සම්ප්‍රේෂණය ඔස්සේ ද රජරට ගුවන් විදුලිය ආවරණය කරයි.

          රජරට ගුවන් ගුවන්විදුලි අනන්‍යතාව රැක ගත් වැඩසටහන් ලෙස පිලේ පැදුර,නිර්මාණි, සම්භාෂා, දැනමුතු අන්දරේ ,දීපවංශය, කමත,සන්නස,  රජරට රග මඩල, රජරට කැකුළු, ගම් සභාව පෙන්වා දිය හැකියි. රජරට සේවයේ ස්වර්ණමය යුගය වූ  ස්වර්ණ ශ්‍රී බණ්ඩාර යුගය රජරට සේවා ඉතිහාසයේ අමරණීය වූ යුගයකි. පිලේ පැදුර වැඩසටහන අත්තප්පා ලෙස පොදු ජන මනසට ආමන්ත්‍රණය කරන්නට ඔහුට හැකි විය.

 එමෙන් ම රජරට කැකුළු නමින් දීප ව්‍යාප්ත ව  ආධුනික ගායන හැකියාව ඇති ශිල්පීන් වෙනුවෙන් දියත් කළ වැඩසටහනින් පසුකාලීන ව ලාංකික ගායන පරපුරට සුවිශාල ගායක ගායිකාවන් පිරිසක් දායාද කරන ලදී.ජන හද අමතන ප්‍රථම ප්‍රාදේශීය  ගුවන්ගුවිදුලිය  වූ රජරට  සේවය සුවිශාල කලා පිරිසක් මෙරට කලා කෙතට බිහි කළේය. ඔවුන් අතර,

  •  ගුණදාස කපුගේ
  •  මහින්ද  දිසානායක
  •  මහින්ද චන්ද්‍රසේකර
  •  කරුණාරත්න දිවුල්ගනේ
  •  නන්දා උඩවත්ත 

 ඉන් කිහිප දෙනෙකි.  එමෙන්ම රජරට සේවය ක්‍රි.ව. 2002 වසරේ දී රජරට fm බවට පත්විය.නමුදු ක්‍රි.ව.2023 මැයි 31 වැනි දින සියලු ම  ප්‍රාදේශීය සේවා වැසීමට ගිය ද නැවතත් ‍ප්‍රාදේශීය අනන්‍යතාව සුරකිමින් රජරට සේවය දීප ව්‍යාප්ත ව විකාශනය වෙමින් පවතී.





 රජරට සේවයේ තේමා ගීතය






Thursday, 1 June 2023

ලෝක ගුවන්විදුලි මාධ්‍යයේ බිහිවීම .


       

     
 මීට වසර ගණනාවකට පෙර නිර්මාණය වූ ගුවන්විදුලිය සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.ලෝක ගුවන්විදුලි මාධ්‍ය එදා මෙදා තුර ජනතාවට සැපයූ සේවාව අතිමහත්ය.පූර්ණ ශ්‍රවණ මාධ්‍යයක් වන රේඩියෝව හෙවත් ගුවන් විදුලි මාධ්‍ය යන්න බ්‍රිතාන්‍ය විශ්වකෝෂය මෙලෙසින් නිර්වචනය කරයි.

"සන්නිවේදන සංඥාවන් සම්ප්‍රේෂණය කිරීමට හැකි උපකරණය රේඩියෝව නම්"   
යන්න ය.මීට වසර ගණනාවකට පෙර නිපද වූ රේඩියෝව මිනිසාගේ පරිකල්පන ශක්තිය ඉහළ නංන්වන්නා වූත් දිවි  රැකගැනීමේ තොරතුරු ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ද විය.ඒ අනුව ලෝක ගුවන්විදුලි මාධ්‍ය බිහිවීම පිළිබඳව සොයා බැලීමේ දී එය තනි පුද්ගලයකුගේ හුදු  ප්‍රයත්නයක් ම නොවේ.ඒ සඳහා විවිධ විද්‍යාඥයන්ගේ දායකත්වය ලැබී ඇති බව ඉතිහාසය පිරික්සීමේදී තහවුරු වේ. 
            ප්‍රධාන වශයෙන් ගුවන් විදුලි මාධ්‍ය බිහිවීමට සමාජයීය  සහ විද්‍යාත්මක සාධක බලපාන ලදී.මෙහි දී මිනිසා කාලය හා දුර ජයග්‍රහණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද අපි ගුවන්විදුලිමාධ්‍ය   ශ්‍රවණය කරන්නෙමු.නමුදු ගුවන්විදුලිය බිහිවීම එක් දවසකින් පැන නැගුණක් නොවේ.එය සාමූහික ක්‍රියාවලිය  ප්‍රයත්නයකි.මෙම සාමූහික ක්‍රියාවලියේ දී එනම් ක්‍රි.ව. 1835 දී එෆ්.බී.සැමුවෙල් මෝස් විසින් මෝස් සංඥා ක්‍රමය සොයා ගැනීම ගුවන් විදුලිය  ආරම්භයට පදනම නිර්මාණය කරන ලදී.මෝස් සංඥා ක්‍රමය තිත (.)සහ ඉරකින්(-)  සමන්විත විය.මෙහිදී මෝස් ඉංග්‍රීසි හෝඩියේ සියලු අක්ෂර සඳහා කේත ක්‍රමයන්  නිර්මාණය කළේ ය.එමෙන් ම මෙම කාලසීමාව වන විට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකතනය සොයා ගැනීමත්   ගුවන්විදුලි නිර්මාණයට මුල් පොත් නිර්මාණය කරන්නට විය.  
            අද අප රේඩියෝව ලෙස පහසුවෙන් ව්‍යවහාර කළ ද මුල් යුගයේ මෙය  හැදින්වූයේ,වයර්ලස් නමිනි.තවදුරටත් ලෝක ගුවන්විදුලි මාධ්‍ය ඉතිහාසයේ විවිධාකාර වූ පිරික්සීම්  විමසා බලන කල මයිකල් ෆැරඩේ විසින් විද්‍යුත් චුම්භක ශක්තිය පිළිබඳඅත්හදාබැලීම් සිදු කිරීම ගුවන්විදුලි මාධ්‍ය බිහිවීමේ තවත් කඩඉමක් නිර්මාණය කරන්නට සමත් විය.ඉන්පසු ව මයිකල් ෆැරඩේගේ ශිෂ්‍යයා වූ ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්ස් ක්‍රි.ව. 1864 දී ෆැරඩේගේ ඉගැන්වීමට ගණිතමය සිද්ධාන්තයක් එක් කළේ ය.ගුවන් විදුලිය නිර්මාණය වීමට පසුකාලීනව මැක්ස්වෙල්ගේ න්‍යාය ප්‍රායෝගික ව ක්‍රියාවට බඳුන් කළේ,හෙන්රිච් රැඩොෆ් හර්ට්ස් ය.ඒ ක්‍රි.ව. 1868 දී ය.ඔහු විද්‍යුත් චුම්බක තරංග  නිෂ්පාදනය කළේ ය.මෙහි දී සැලකිය යුතු කරුණක් වනුයේ,රේඩියෝ තරංග සොයා ගැනීමේ සහ සම්ප්‍රේෂණය කිරීමේ ගෞරවය හර්ට්ස්ට හිමි වීම ය.
                 ජන හදවතට සමීප ලෝක ගුවන්විදුලි මාධ්‍ය බිහිවීමේ සාමූහික ප්‍රයත්නය තුළ සුවිශේෂී චරිතයකි නිකොලා ටෙස්ලා.මොහු ක්‍රි.ව. 1893 දී රැහැන් රහිත ව පණිවිඩ හුවමාරුව සිදුවන්නේ සිදුවන්නේ කෙසේද යන්න පෙන්වා දුන්නේ ය.ඉන් අනතුරු ව ක්‍රි.ව 1897දී ප්‍රංශ ජාතික එඩුවාඩ් බ්‍රැන්ලි විසින් ලොහ කුඩු දැමූ වීදුරු නලයක දෙපසින් විද්‍යුත් ධාරාවක් යොමු කළ විට එම ලෝහ කුඩු එකතු වන බව හෙළි කළේ ය.මෙලෙසින් ලෝක ගුවන්විදුලි මාධ්‍ය බිහිවීමේ ඉතිහාසය විමසා බලන විට දහනම වන සියවසේ විසූ ඔලිවර් ජෝසප් ලොප්ගේ සහ හර්ට්සගේ පර්යේෂණ මත පදනම් ව එඩුවාඩ් බ්‍රැන්ලි නිපදවූ උපකරණයකින් තහවුරු වූයේ,එක් තැනක දී නිකුත් කරන ලද සංඥාවක්  තවත් තැනක දී ග්‍රහණය කර ගත හැකි බව ය.මීට අමතර ව රෙනී විසින් මයික්‍රෆෝනය සොයා ගැනීම ද රුසියානු  ජාතික ඇලෙක්සැන්ඩර් ස්ටෙපානොව්ච් ක්‍රි.ව 1985 දී තරංග ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය ඒරියලය හඳුන්වා දීම ද වැදගත් වේ.අවසන ගුවන්විදුලිය නිපදවීමේ ගෞරවය හිමි වනුයේ, ගුග්ලියෙල්මෝ මාර්කෝනි ට ය.නමුදු මෙය සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

            ඒ අනුව සමස්තයක් ගෙන බලන කල  ගුවන්විදුලිය  කාලයාගේ ඇවෑමෙන් එහි  භාවිතය තිරසාර වූ මාධ්‍යයක් වූ අතර තොරතුරු සැපයීම,මිනිසුන් දැනුවත් කිරීම,අපගේ    ප්‍රියතම සංගීතය අන්තර්ගත වේදිකාවක් වූ බව නිබොරුවකි.


  ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා   අධ්‍යක්ෂ, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ   ඉන්දික ජයරත්න මහතා සමඟ සිදු සංවාදයක් ඇසුරින් සකස් කළ ලිපියකි...