මීට වසර ගණනාවකට පෙර නිර්මාණය වූ ගුවන්විදුලිය සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.ලෝක ගුවන්විදුලි මාධ්‍ය එදා මෙදා තුර ජනතාවට සැපයූ සේවාව අතිමහත්ය.පූර්ණ ශ්‍රවණ මාධ්‍යයක් වන රේඩියෝව හෙවත් ගුවන් විදුලි මාධ්‍ය යන්න බ්‍රිතාන්‍ය විශ්වකෝෂය මෙලෙසින් නිර්වචනය කරයි."සන්නිවේදන සංඥාවන් සම්ප්‍රේෂණය කිරීමට හැකි උපකරණය රේඩියෝව නම්"
යන්න ය.මීට වසර ගණනාවකට පෙර නිපද වූ රේඩියෝව මිනිසාගේ පරිකල්පන ශක්තිය ඉහළ නංන්වන්නා වූත් දිවි රැකගැනීමේ තොරතුරු ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ද විය.ඒ අනුව ලෝක ගුවන්විදුලි මාධ්‍ය බිහිවීම පිළිබඳව සොයා බැලීමේ දී එය තනි පුද්ගලයකුගේ හුදු ප්‍රයත්නයක් ම නොවේ.ඒ සඳහා විවිධ විද්‍යාඥයන්ගේ දායකත්වය ලැබී ඇති බව ඉතිහාසය පිරික්සීමේදී තහවුරු වේ.
ප්‍රධාන වශයෙන් ගුවන් විදුලි මාධ්‍ය බිහිවීමට සමාජයීය සහ විද්‍යාත්මක සාධක බලපාන ලදී.මෙහි දී මිනිසා කාලය හා දුර ජයග්‍රහණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද අපි ගුවන්විදුලිමාධ්‍ය ශ්‍රවණය කරන්නෙමු.නමුදු ගුවන්විදුලිය බිහිවීම එක් දවසකින් පැන නැගුණක් නොවේ.එය සාමූහික ක්‍රියාවලිය ප්‍රයත්නයකි.මෙම සාමූහික ක්‍රියාවලියේ දී එනම් ක්‍රි.ව. 1835 දී එෆ්.බී.සැමුවෙල් මෝස් විසින් මෝස් සංඥා ක්‍රමය සොයා ගැනීම ගුවන් විදුලිය ආරම්භයට පදනම නිර්මාණය කරන ලදී.මෝස් සංඥා ක්‍රමය තිත (.)සහ ඉරකින්(-) සමන්විත විය.මෙහිදී මෝස් ඉංග්‍රීසි හෝඩියේ සියලු අක්ෂර සඳහා කේත ක්‍රමයන් නිර්මාණය කළේ ය.එමෙන් ම මෙම කාලසීමාව වන විට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකතනය සොයා ගැනීමත් ගුවන්විදුලි නිර්මාණයට මුල් පොත් නිර්මාණය කරන්නට විය.
අද අප රේඩියෝව ලෙස පහසුවෙන් ව්‍යවහාර කළ ද මුල් යුගයේ මෙය හැදින්වූයේ,වයර්ලස් නමිනි.තවදුරටත් ලෝක ගුවන්විදුලි මාධ්‍ය ඉතිහාසයේ විවිධාකාර වූ පිරික්සීම් විමසා බලන කල මයිකල් ෆැරඩේ විසින් විද්‍යුත් චුම්භක ශක්තිය පිළිබඳඅත්හදාබැලීම් සිදු කිරීම ගුවන්විදුලි මාධ්‍ය බිහිවීමේ තවත් කඩඉමක් නිර්මාණය කරන්නට සමත් විය.ඉන්පසු ව මයිකල් ෆැරඩේගේ ශිෂ්‍යයා වූ ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්ස් ක්‍රි.ව. 1864 දී ෆැරඩේගේ ඉගැන්වීමට ගණිතමය සිද්ධාන්තයක් එක් කළේ ය.ගුවන් විදුලිය නිර්මාණය වීමට පසුකාලීනව මැක්ස්වෙල්ගේ න්‍යාය ප්‍රායෝගික ව ක්‍රියාවට බඳුන් කළේ,හෙන්රිච් රැඩොෆ් හර්ට්ස් ය.ඒ ක්‍රි.ව. 1868 දී ය.ඔහු විද්‍යුත් චුම්බක තරංග නිෂ්පාදනය කළේ ය.මෙහි දී සැලකිය යුතු කරුණක් වනුයේ,රේඩියෝ තරංග සොයා ගැනීමේ සහ සම්ප්‍රේෂණය කිරීමේ ගෞරවය හර්ට්ස්ට හිමි වීම ය.ජන හදවතට සමීප ලෝක ගුවන්විදුලි මාධ්‍ය බිහිවීමේ සාමූහික ප්‍රයත්නය තුළ සුවිශේෂී චරිතයකි නිකොලා ටෙස්ලා.මොහු ක්‍රි.ව. 1893 දී රැහැන් රහිත ව පණිවිඩ හුවමාරුව සිදුවන්නේ සිදුවන්නේ කෙසේද යන්න පෙන්වා දුන්නේ ය.ඉන් අනතුරු ව ක්‍රි.ව 1897දී ප්‍රංශ ජාතික එඩුවාඩ් බ්‍රැන්ලි විසින් ලොහ කුඩු දැමූ වීදුරු නලයක දෙපසින් විද්‍යුත් ධාරාවක් යොමු කළ විට එම ලෝහ කුඩු එකතු වන බව හෙළි කළේ ය.මෙලෙසින් ලෝක ගුවන්විදුලි මාධ්‍ය බිහිවීමේ ඉතිහාසය විමසා බලන විට දහනම වන සියවසේ විසූ ඔලිවර් ජෝසප් ලොප්ගේ සහ හර්ට්සගේ පර්යේෂණ මත පදනම් ව එඩුවාඩ් බ්‍රැන්ලි නිපදවූ උපකරණයකින් තහවුරු වූයේ,එක් තැනක දී නිකුත් කරන ලද සංඥාවක් තවත් තැනක දී ග්‍රහණය කර ගත හැකි බව ය.මීට අමතර ව රෙනී විසින් මයික්‍රෆෝනය සොයා ගැනීම ද රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් ස්ටෙපානොව්ච් ක්‍රි.ව 1985 දී තරංග ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය ඒරියලය හඳුන්වා දීම ද වැදගත් වේ.අවසන ගුවන්විදුලිය නිපදවීමේ ගෞරවය හිමි වනුයේ, ගුග්ලියෙල්මෝ මාර්කෝනි ට ය.නමුදු මෙය සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
ඒ අනුව සමස්තයක් ගෙන බලන කල ගුවන්විදුලිය කාලයාගේ ඇවෑමෙන් එහි භාවිතය තිරසාර වූ මාධ්‍යයක් වූ අතර තොරතුරු සැපයීම,මිනිසුන් දැනුවත් කිරීම,අපගේ ප්‍රියතම සංගීතය අන්තර්ගත වේදිකාවක් වූ බව නිබොරුවකි.
♥️
ReplyDelete💪😍
ReplyDelete🥰❤️
ReplyDeleteදැනුම් සම්භාරයක් ලැබේවා ❤️🌹
ReplyDelete💕💕💕
ReplyDeletegood job
ReplyDelete💖💖💖
ReplyDeleteWow
ReplyDelete❤️
ReplyDeleteඅගෙයි ඉතාමත් වටිනා තොරතුරු වැදගත් වැඩක්
ReplyDelete🔱👍
ReplyDelete🌻💚
ReplyDeletegread job
ReplyDeletegraet
ReplyDelete