Wednesday 19 July 2023

ප්‍රජා සංවර්ධනයේදී ප්‍රජා ගුවන්විදුලිය


 වර්තමානයේ ශාස්ත්‍රඥයින්, සමාජ විප්ලව ක්‍රියාකාරිකයින් ,සිවිල් නායකයින්  යනාදීන් යොමුවන සංවර්ධන ක්ෂේත්‍රයක් ලෙස ප්‍රජා සංවර්ධනය පෙන්වා දිය හැකිය.  අනෙක් අතට සමාජ සාධාරණත්වය සහ එකිනෙකාගේ ආත්මගරුත්වය පදනම් කරගෙන ක්‍රියාකාරී මෙන්ම තිරසාර ප්‍රජාවක් ගොඩනංවනු ලබන පුළුල් ක්‍රියාවලිය ප්‍රජා සංවර්ධනය වේ. එහි දී ප්‍රජා ගුවන්විදුලියට ප්‍රධාන තැනක් හිමිවේ. ලොව වෙසෙන වඩාත් දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රජාව කරා ළඟා වන ඔවුන් හා සම්බන්ධ වෙන වන වඩාත් ප්‍රායෝගික අඩු පිරිවැයකින් සාක්ෂාත් කරගත හැකි මාධ්‍යය වන්නේ ප්‍රජා ගුවන්විදුලියයි.

ප්‍රජා සංවර්ධනයේ දී ප්‍රජා ගුවන්විදුලිය යම් සුවිශේෂී කලාපයක ජීවත්වන ජන කණ්ඩායමක් හෝ එකම ජීවන අරමුණු අවශ්‍යතා හා රුචිකත්ව පෙරදැරි කරගත් ජන කණ්ඩායමක් පදනම් කරගෙන ඔවුන්ගේ සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.තමන් ජීවත්වන ජීවත් වන ප්‍රජා කලාපය තුළට  අවශ්‍ය තුළට ප්‍රතිලාභ අරමුණු කරගෙන ප්‍රජා ගුවන්විදුලිය ප්‍රතිලාභ ලබන ප්‍රජාවගේ ම පාලනය ක්‍රියාකාරිත්වය, හිමිකාරිත්වය මෙන්ම ඔවුන්ගේ බලපෑම ඔස්සේ පවත්වාගෙන යයි. කාලොස් ආර්නල්ඩෝ (2001) දක්වන අන්දමට ප්‍රජා ගුවන් විදුලිය යනු, ප්‍රජාවේ සාමාජිකයන් සාමූහිකව හිඳ සන්දේශ සැලසුම් කිරීමටත්, ඒවා නිෂ්පාදනය කිරීමටත් ඉන් අනතුරුව ඒවා විසුරුවා  හැරීමත් කරනු ලබන සමාජය ක්‍රියාවලියකි යන්නයි. ජාතික ජනමාධ්‍ය පෝෂණය කිරීමෙහි ලා ඉවහල් වන ප්‍රජා ගුවන්විදුලියේ ලක්ෂණ ලෙස,

  • පුරවැසියන්ගේ සහභාගිත්වය
  • බහුතරයකගේ රසිකත්වය අනුව ක්‍රියාත්මක වීම
  •  සෑම දෙනාගේම අදහස් හා මත වලට ගරු කිරීම
  • සංස්කෘතික විධිමත්භාවය
  • කාන්තාවන්ගේ කටහඬ ප්‍රසිද්ධිය සඳහා පාවිච්චි නොකිරීම
  • අධිකාරි ආඥාදායකත්වය

පෙන්වා දිය හැකිය.ප්‍රජා සංවර්ධනයේ දී මූල්‍ය හෝ වෙළඳ  දැන්වීම් සඳහා ප්‍රමුඛතාව ප්‍රජා ගුවන් විදුලිය තුළ නොවන අතර සිවිල් සමාජයේ කැමැත්ත මත පවත්වාගෙන යාම මෙහි මූලිකම අවශ්‍යතාවයි. පිලිපීනයේ ලුවීටා බින්ග්ට අනුව,ප්‍රජා ගුවන් විදුලිය ප්‍රධාන ගුවන්විදුලියෙන් පහත කරුණු මත වෙනස් වේ.

ප්‍රචාරක ගුවන්විදුලිය      

  1. Profit= ලාභය
  2. Propaganda=ප්‍රචාරණය
  3. Privilege=වරප්‍රසාද
  4. Politics=දේශපාලනය

ප්‍රජා ගුවන්විදුලිය

  1. People=මිනිසුන්
  2. Participation=සහභාගිත්වය
  3. Power=බලය
  4. Pluralism=බහුවිධ භාවය  

  

ප්‍රජාතන්ත්‍රවාදය,සහභාගීත්වය යන මූලධර්ම මත ක්‍රියාත්මක වන ප්‍රජා ගුවන්විදුලිය සංවර්ධනය, අධ්‍යාපනය, මිනිසුන් බලගැන්වීම යන සාධක කෙරෙහි කැපවී ඇත.

ප්‍රජා ගුවන්විදුලියේ සංවර්ධනය කාර්‍රය පිළිබඳ තවදුරටත් විමසා බැලීමේදී ප්‍රංශය, ආජන්ටිකාව, ඔස්ට්‍රේලියාව යන රටවල සාර්ථකව ප්‍රජා ගුවන්විදුලිය ක්‍රියාත්මක වේ.එමෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල්  වන ආසියාතික රටවල ද ප්‍රජා ගුවන්විදුලිය  සාර්ථකව ක්‍රියාත්මක වේ. මේ අනුව බලන කල,ප්‍රජාව අතරේ පවතින, ප්‍රජාව සඳහා, ප්‍රජාව පිළිබඳ ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවන්විදුලිය සංවර්ධන කාර්යයේ දී ඉතාම වැදගත් ය.


 

3 comments:

  ගුවන්විදුලි ශිල්පියෙකු සමඟ ගෙවුණු සැඳෑවක් ගුවන්විදුලි ළමා පිටියෙහි හඬ පරීක්ෂණයක් මඟින් තේරී පත් වී ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම අත්දැකීම...