Saturday 12 August 2023

ගුවන්විදුලි මාධ්‍ය සඳහා ප්‍රවෘත්ති රචනා කිරීම.


   පූර්ණ ශ්‍රවණ මාධ්‍යයක් වූ,ගුවන්විදුලි මාධ්‍ය මුද්‍රිත මාධ්‍යට හා රූපවාහිනියට වඩා වෙනස් වූ මාධ්‍යයකි.ශ්‍රාවකයාගේ පරිකල්පනයට ඉඩහසර වෙන් කරන ගුවන්විදුලිය සජීවී මාධ්‍යකි.මෙහි දී අපිට වචන දැකීමේ හැකියාවක් නොමැති නිසා සාමාන්‍ය ජනතාවට වැටහෙන පරිදි සරල බස් වහරක් යොදා ගැනීම ඉතාම වැදගත් ය.ගුවන් විදුලි මාධ්‍ය සඳහා ප්‍රවෘත්ති රචනා කිරීමේ දී එය පහසුවෙන් ග්‍රහණය කරගත හැකි පරිදි රචනා වීම අසන්නාට පහසුවකි.ගුවන්විදුලි මාධ්‍ය හැඳින්වීමක දැකිය හැකි ගුණාංග කිහිපයක් ලෙස,වඩාත් වැදගත්ම ස්ථානයෙන් ප්‍රවෘත්ති ආරම්භ කිරීම.ග්‍රාහකයාගේ අවධානය රඳවා තබා ගැනීමට හැකිවීම.ඉදිරියේදී තවත් කරුණු දැනගැනීමට ඇති දැනගැනීමට ඇති කුතුහලය ඇති කිරීම.
අසන්නා තුළ ඉදිරියට ප්‍රවෘත්ති ගලාගෙන යන්නේ කුමන දිශාවටද  යන හැඟීමක් ඇති කිරීම ප්‍රධාන වේ.  අප කවුරුත් දන්නා පරිදි   තොරතුරු සන්නිවේදන යාන්ත්‍රනය මගින් ග්‍රාහක පාර්ශවයේ දැනුවත් කිරීමේ ක්‍රියාවලිය  ප්‍රවෘත්ති මගින් සිදුවේ. එමෙන්ම   ප්‍රවෘත්ති යන්නට  නිශ්චිත වූ අර්ථකථනයක් නොමැති අතර  විවිධ පාර්ශව විවිධ ආකාරයෙන් ප්‍රවෘත්ති යන්න අර්ථකථනය කරයි.ඕනෑම සිදුවීමක් වටා   ගොඩනැගෙන උණුසුම් ම තත්ත්වය  ප්‍රවෘත්තියයි. මූලික වශයෙන් වාචික ප්‍රකාශන මාධ්‍යයක් හෙවත් ශ්‍රවණය ඇසුරු කොටගත් සන්නිවේදන කාරකයක් වෙන ගුවන්විදුලියේ ප්‍රවෘත්ති වාර්තාවක කරුණු සෑම විටම තාර්කික ලෙස ගොඩනැංවිය යුතු ය.මෙහි දී  කරුණු  සංඛ්‍යාත්මක වශයෙන් ඉදිරිපත් කිරීමට වඩා එම සංඛ්‍යා වලින් කියවෙන අරුත් පැහැදිලි කිරීම ගුවන්විදුලි ප්‍රවෘත්තිවල විශේෂත්වයකි. එමෙන්ම මෙහි දී පහසුවෙන් උච්ච්වාරණය  කළ හැකි වචන යොදා ගැනීම සිදුවේ.ගුවන්විදුලි ප්‍රවෘත්ති අයිතමයක පළමු වචනය ශ්‍රාවකයාට නෑසී යෑමේ සම්භාවිතාව වැඩි ය. එබැවින් වඩා වැදගත් වචනය පළමු වචනය ලෙස යොදා නොගත යුතු ය.
             කෙසේ නමුදු, ගුවන් විදුලි මාධ්‍ය සඳහා ප්‍රවෘත්ති රචනා කිරීමේ දී, සෑම විටම සරල වචන මෙන්ම කර්තෘ කාරක වාක්‍ය වැඩි වශයෙන් යොදා ගැනීම, ශක්තිමත් ආරම්භයක් ලබා ගැනීම, නාම විශේෂණ ක්‍රියා විශේෂණ යෙදීමෙන් වැළකී සිටීම,පුද්ගලයන් හැඳින්වීමේ දී සෑම විටම ඔවුන්ගේ තනතුරු නාමය ප්‍රථමයෙන් සඳහන් කිරීම මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණු අතර වේ. 
                                         

3 comments:

  ගුවන්විදුලි ශිල්පියෙකු සමඟ ගෙවුණු සැඳෑවක් ගුවන්විදුලි ළමා පිටියෙහි හඬ පරීක්ෂණයක් මඟින් තේරී පත් වී ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම අත්දැකීම...